උසස් පෙළට දින නියම වෙයි

2023 අ.පො.ස. උසස් පෙළ විභාගය පත්වන දිනය දැනුවත් කරමින් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම සංශෝධිත කාලසටහන ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එහි දක්වා තිබෙන්නේ.

එසේම මෙවර විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබන ඔක්තෝම්බර් 6 සිට 10 වන දා දක්වා යලිත් කාලය ලබා දී ඇති අතර www.doenets.llk හෝ www.onlineexams.gov.lk/eic යන වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි වනවා.