2024 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 1.74% ක වර්ධනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ දී 3.8% කින් හැකිලීමකට ලක් වුවද, 2024 දී 1.7% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව සිය නවතම වාර්තාවක සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනෙකුත් තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇති වන ප්‍රගතිය මත මෙම වර්ධනය රඳා පවතින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච්. හඩඩ්-සර්වෝස් මහතා සඳහන් කරන්නේ ආර්ථික අර්බුදයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදු කර ඇත අතර යළි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මූල්‍ය අවදානම් කළමනාකරණය කරමින් එම ප්‍රතිසංස්කරණ දිහටම සිදු කළ යුතු බවයි.