2023 වසරේ මාසයක් තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම පසුගිය අගෝස්තු මාසයේ දී වාර්තා වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඩොලර් මිලියන 1,119 ක් වන එම අගය පසුගිය ජූලි මාසයට සාපේක්ෂව 2.7% ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
කෙසේවෙතත් 2023 අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඉපැයූ අපනයන ආදායමට සාපේක්ෂව 8.7%ක අඩුවීමක් වාර්තා කරන බවයි මහා බැංකුව සඳහන් කරන්නේ.
එසේම 2023 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම ලෙස සඳහන් ඩොලර් මිලියන 8,010 ද පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.1%ක අඩුවීමක් වාර්තා කරනවා.

