සෑම වසරකම ඔක්තෝම්බර් පළමුවෙනි සඳුදාට යෙදෙන ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ශ්රී ලංකාවේ ජනාවාස සතියක් ප්රකාශයට පත් කර තිබෙනවා.
“සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්යංශය සඳහන් කරන්නේ.
ඒ අනුව අදින් ඇරඹෙන මෙම ජනාවාස සතිය තුළ දී ප්රතිලාභීන් 500 දෙනෙකු සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්රදානය කිරීමට නියමිතව තිබෙනවා.
එසේම දිස්ත්රික් මට්ටමින් නිවාස හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩ සටහනක්ද ක්රියාත්මක කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්යංශය සැලසුම් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

