විදුලි ගාස්තු යළි ඉහළ නැංවීම පිළිබඳ තීරණය ලබන ඔක්තෝබර් 18 වැනිදායින් පසු ප්රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන මතය විමසීමෙන් අනතුරුව අවසන් තීරණයට එළඹීමට නියමිත බවයි සභාපති මංජුල ප්රනාන්දු සඳහන් කළේ.
ජලවිදුලියෙන් සහ ගල්අඟුරුවලින් විදුලි උත්පාදනය පහළ යෑම සහ විදුලි ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ලබන මස පළමුවන දා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.
එහි දී ආකාර දෙකකින් ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබුණු අතර ඉන් එක් යෝජනාවකට අනුව දැනට පවතින මාසික විදුලි ගාස්තුව 22%කින් වැඩි කිරීම සිදු කළ යුතු වනවා.
අනෙකුත් යෝජනාවේ දැක්වෙන්නේ එක් ඒකක කාණ්ඩයක් සහ දැනට පවතින ගාස්තුව රුපියල් 8කින් වැඩි කළ යුතු බවයි.

