2023 වසරේ අවසන් මාස 7 ක කාලය තුළ සීමාසහිත ගුවන්තොටුපල සහ ගුවන් සේවා පුද්ගලික සමාගම (AASL) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 18 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා.
එහි නිලධාරීන් සඳහන් කරන්නේ පසුගිය වසරේ ජුනි මාසයෙන් පසුව සමාගම සැලකිය යුතු ලෙස ලාභ ලබා ඇති බවයි.
එසේම ලොව පුරා සිටින ගුවන් සේවා ආශ්රිත පිරිස් සහ පර්යේෂණ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර සමුළුවක් මේ වසරේ දෙසැම්බර් 10 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව AASL හි සභාපතිවරයා ප්‍රකාශ කරනවා.

