දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය, සුබසාධන ප්රතිලාභ මණ්ඩලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කමිටුවක් සුදුසු පරිදි සකස් කර ගන්නා ලෙසයි එම කමිටුව දැනුම් දී ඇත්තේ.
ආර්ථික අර්බුදයේ බලපෑමෙන් පීඩාවිඳින අස්වැසුම ලබන හා නොලබන සියලුම පවුල් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරෙන බව යි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේ.

