සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එහි ආරක්ෂක නිලධාරීන් හරහා අදාළ පුද්ගලයන්ව පාලනය කර වහාම පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.
භාණ්ඩ සොරකම් කිරීමක දී වුවද එම වෙළඳසැලේ කාර්යමණ්ඩලයට හෝ හිමිකරුවන්ට සොරකම් කළ පුද්ගලයාට පහර දීමට අයිතියක් නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කරන්නේ.
එසේ පහර දීමක් සිදු වුවහොත් පහර දුන් අය ද සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වනු බවයි ඔහු අවධාරණය කරන්නේ.

