ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ශ්රී ලංකාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් ඊයේ නිව්යෝක් නුවර දී පවත්වා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වූ සියලුම රාජ්ය නායකයින් එක්රැස් කරමින් ජනාධිපති බයිඩන් විසින් පිරිනමන ලද සුඛෝපභෝගී රාත්රී භෝජන සංග්රහයක් අතරතුර දී මෙම හමුව සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.
එහි දී ඔවුන් ගෝලීය වැදගත්කමකින් යුතු මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, සුහද රාජ්ය නායකයන් සමඟ ඡායරූප වලට ද පෙනී සිට තිබෙනවා.

