ඉරානයේ කාන්තාවන් සඳහා පනවා ඇති ඇඳුම් පැළදුම් නීති කඩ කරන කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා ලබා දෙන දඬුවම් වැඩි කිරීමට “හිජාබය සහ නිර්මලත්වය” යනුවෙන් නව පනතක් සම්මත කර ගෙන තිබෙනවා.
එහි දී කෙටුම්පත සඳහා පක්ෂ ව ඡන්ද 152ක් විරුද්ධ ව ඡන්ද 34ක් හා හත් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැනට මෙම නීති පිළි නොපදින අයට දින 10 ත් මාස දෙකක් අතර සිර දඬුවමක් හෝ රියාල් 5,000 ත් 500,000 ත් අතර දඩයක් නියම කරනු ලබනවා.
නව පනත යටතේ එම අදාළ ඇඳුම් නොවන වෙනත් නුසුදුසු ඇඳුම් හැඳ ප්‍රසිද්ධ ස්ථානවල සිටින කාන්තාවන් සඳහා වසර පහක් සහ 10ක් අතර සිරදඬුවමක් සහ රියාල් මිලියන 180 සිට මිලියන 360 දක්වා දඩ මුදලක් දඬුවම් ලෙස ලබා දිය හැකි වනවා.
එසේම මාධ්‍ය සහ සමාජ ජාල තුළ නිරුවත ප්‍රවර්ධනය කරන හෝ හිජාබය විහිළුවට ලක් කරන අයට සහ කාන්තා රියදුරෙකු හෝ මගියෙකු හිජාබය හෝ වෙනත් සුදුසු ඇඳුම් පැළඳ නොසිටින වාහන හිමිකරුවන්ට ද දඩ නියම කිරීමට මෙම නව පනත හරහා හැකියාව ලැබෙනවා.

