සුනඛයන් නොවන සතුන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ජලභීතිකා මර්දන අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේෂාන් ගුරුගේ මහතා සඳහන් කරන්නේ ජලභීතිකා රෝගය පිළිබඳ නොදැනුවත්කම මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බවයි.
ඕනෑම සතෙකුගේ සපා කෑමක් හෝ හීරීමක පළමුව සබන් යොදා ගලන ජලයෙන් තුවාලය සෝදා, බෙඩඩිරන් වැනි අයඩීන් ද්‍රාවනයක් හෝ සර්ජිකල් ස්පිරිට්, හයිඩ්රජන් පැරොක්සයිඩ් වැනි විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් ද තුවාලය පිරිසිදු කර පසුව වහාම රෝහලක් වෙත යා යුතු බවයි ඔහු ජනතාවට උපදෙස් දෙන්නේ.
එසේම නිවෙසට අලුතින් හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්,පූසන් වැනි සුරතලුන් දින 14 ක් වැනි කාලයක් යන තෙක් සමීපයට නොගන ලෙසටත් ඔහු ජනතාවට උපදෙස් ලබා දෙනවා.

