ධාන්‍ය සම්බන්ධයෙන් ඇති වී තිබූ රාජ්‍ය තාන්ත්‍රික ආරවුල උත්සන්න වීමත් සමඟ යුක්රේනයේ දැඩි මිත්‍ර රාජ්‍යයක් වන පෝලන්තය විසින් තවදුරටත් යුක්රේනයට ආයුධ ලබා නොදීමට තීරණය කර තිබෙනවා.
පෝලන්තය දැනටමත් යුක්රේනයට සෝවියට් යුද ටැංකි 320ක් සහ MiG-29 ප්‍රහාරක ජෙට් යානා 14ක් යුධ ආධාර ලෙස ලබා දී තිබෙනවා.
පෝලන්තයේ අගමැති මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ අනෙක් රටවලට ආයුධ ලබා දීම වෙනුවට නවීන තාක්ෂණික ආයුධ තම රට තුළ රැස් කිරීම පෝලන්තය විසින් ආරම්භ කර ඇති බවයි.
මින් පෙර රුසියානු ආක්‍රමණ හමුවේ හමුදා කේන්ද්‍රස්ථානයක් පවත්වා ගෙන යමින් පෝලන්තය විසින් යුක්රේනයට විශාල ලෙස උපකාර කළ නමුත් යුක්රේන ධාන්‍ය ආනයනයේ පවතින ගැටළු හේතුවෙන් එරට වෙළඳපොල අස්ථාවර වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

