විජෙයි ඇන්ටනීගේ දියණියට සිය ජීවිතය එපා වෙයි

කොලිවුඩයේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත නිර්මාණකරුවෙක් ද වන විජේ ඇන්ටනිගේ දියණිය චෙන්නායි හි තේනාම්පෙට් හි පිහිටි ඇගේ නිවසේ දී මියගොස් සිටිය දී සොයා ගෙන තිබෙනවා.

16 හැවිරිදි මීරා සිය කාමරයේ වූ විදුලි පංකාවේ එල්ලී සිටිය දී සොයා ගැනුණු අතර ඇයව වහාම රෝහල් ගත කර ඇතත් වෛද්‍යවරු පවසා ඇත්තේ රෝහලට රැගෙන එන විටත් ඇය මිය ගොස් සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මීරා සියදිවි හානි කර ගෙන ඇති බවයි ඔවුන් දැනට සඳහන් කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මීරා කලක සිටම කිසියම් මානසික ආතතියකින් සිටි බවත්, ඒ හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් ය,