X පරිශීලකයන් සියල්ලටම මාසික ගාස්තුවක්

ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu සහ X නැතහොත් Twitter හි හිමිකරු Elon Musk අතර පැවති සාකච්ඡාවක දී සියලුම පරිශීලකයින් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව වාර්තා වෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙලෙස යම් ගාස්තුවක් අය කිරීම හරහා X හි ව්‍යාජ ගිණුම් (fake accounts) නිර්මාණය කිරීම සහ bots පාලනය කළ හැකි බවයි.

මින් පෙර ද Musk විසින් පසුගිය වසරේ මෙලෙස සියලු පරිශීලකයන්ගෙන් ගාස්තු අය කිරීමක් සම්බන්ධව ප්‍රකාශ කර තිබෙන නමුත් එය ආරම්භ කරන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් ඔහු කිසිවක් ප්‍රකාශ කර නැහැ,

දැනට X Premium මසකට $8 දී ලබා ගත හැකි වන අතර ඒ හරහා පරිශීලකයන්ට පසු-සංස්කරණය (post-editing), ad පෙන්වීම අඩු කිරීමක් , tweet කළ හැකි වචන සංඛ්‍යාවේ වැඩි වීමක් සහ සෙවුම් ප්‍රතිඵල සහ සංවාදවල ඉහළ ශ්‍රේණිගත කිරීම් වැනි ප්‍රතිලාභ ලබාගත හැකි වනවා.