2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා හමුදාවට පවරා ගත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය එහි නීත්‍යානුකූල හිමිකරුවන්ට නිල වශයෙන් පවරා දී ඇති බව වාර්තා වෙනවා.
හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මෙම විශ්වවිද්‍යාලය නැවත තමා වෙත ලබා දී ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හිටපු ආණ්ඩුකාර එම්.එල්.එම් හිස්බුල්ලා මහතා පවසන්නේ.
පසුගිය වසර හතරක කාලය තුළ විශ්වවිද්‍යාලය හමුදාව විසින් පාලනය කරන ලද බවත්, පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධයක් නොමැති බව පරීක්ෂණවලින් ඔප්පු වීමෙන් පසු එය ආපසු ලබා දීමට හමුදාව සහ රජය පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

