ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

එසේම එම ගංගාවල ජල මට්ටම් තව දුරටත් ඉහළ යමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දීමක් ද සිදු කරනවා.

එසේම නිල්වලා ගඟේ ජල මට්ටම ද පානදුගම ප්‍රදේශයෙන් සහ තලගහගොඩ ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශය සඳහන් කරන්නේ.