හිටපු ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නෙක් වන ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් 2023 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් හතර සම්බන්ධයෙන් අනාවැකියක් පළ කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ මෙවර කුසලානය ඉන්දියාව, පකිස්ථානය, එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව යන රටවලින් එකක් හිමි කර ගනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.
ඔහු සඳහන් කරන්නේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් සිය අඩුපාඩු සම්බන්ධව බොහෝ අවබෝධයක් ලබා ගෙන හොඳ සුදානමකින් යුතුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ක්‍රීඩා කරනු ඇති බවයි

