ජපානයේ 10 දෙනෙක්ගෙන් එක අයෙක් අවුරුදු 80 පන්නයි

ජපානයේ සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 80 හෝ ඊට වැඩි පුද්ගලයින් වන බව අනාවරණය කර ගෙන තිබෙනවා.

එරට ජාතික දත්ත පෙන්නුම් කරන්නේ මිලියන 125 වන ජනගහනයෙන් 29.1% ක් ම වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් වන බවයි.

ඒ අනුව ජපානය ලොව වැඩිම වැඩිහිටියන් පිරිසක් සිටින රට බවට පත් වී සිටින අතර ඉතාලිය සහ ෆින්ලන්තය එම ලැයිස්තුවේ දෙවන හා තුන්වන ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

එසේම ජපානය ලෝකයේ අඩුම උපත් අනුපාත සහිත රට වන අතර එරට වැඩිහිටි ජනගහනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින රටක් ද වනවා.

ජපානයේ ජාතික ජනගහන හා සමාජ ආරක්ෂණ පර්යේෂණ ආයතනයට අනුව 2040 වන විට ජපන් ජනගහනයෙන් 34.8% ක් වයස අවුරුදු 65 ට වැඩි අය වනු ඇත.