රුසියාව සමඟ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේන නගර දෙකක ප්‍රධාන ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ උරුම ආයතනය වන යුනෙස්කෝ ආයතනය පවසනවා.
ඒ අනුව Kyiv අගනුවර පිහිටි ශාන්ත සොෆියා ආසන දෙව්මැදුර සහ Kyiv-Pechersk Lavra ආරාම භූමියේ වූ පැරණි ගොඩනැගිලි මෙන්ම බටහිර Lviv නගරයේ පිහිටි ඓතිහාසික මධ්‍යස්ථාන ද තර්ජනයට ලක් වී ඇති ඓතිහාසික ස්ථාන ලැයිස්තුවට එකතු කර තිබෙනවා.
මෙම ස්ථාන වල වූ පෞරාණික වටිනාකම ආරක්ෂා කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කර නොමැති බවත්, යුද්ධය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු හේතුවෙන් ඒවා තර්ජනයට ලක්ව ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ලෝක උරුම කමිටුව සඳහන් කර තිබෙනවා.
එසේම මෙම නගර වලට එල්ල වන බෝම්බ ප්‍රහාර වල වූ අධික ශබ්දය හේතුවෙන් ද මෙම ගොඩනැගිලි වලට හානි සිදු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම ස්ථාන වලට තම ප්‍රහාර වලින් විය හැකි හානිය වැලැක්වීම සඳහා තම හමුදා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා බවයි රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහතික වී ඇත්තේ.

