දිනෙන් දින අලුත් වෙන WhatsApp විසින් සිය නවතම විශේෂාංගයක් ලෙස channels හඳුන්වා දී තිබෙනවා.
WhatsApp Channel වල හිමිකරුවන්ට තමාගේ channel එක හරහා එහි සිටින participants සඳහා message share කළ හැකි වන අතර, participants ට හැකියාව ඇත්තේ ඒ සඳහා react කිරීමට පමණි.
ඒ අනුව එය එක්තරා ආකාරයක one-way broadcast tool එකක් ලෙස ක්රියා කරනු ඇත.
මේ වන විට බිලියන 2 ක් පමණ වූ සියලු WhatsApp පරිශීලකයන් වෙත මෙම පහසුකම ලබා දීමට කටයුතු කර තිබෙන අතර මින් පෙර Status ලෙස තිබූ තීරුව දැන් updates ලෙස වෙනස් කර එහි ම මෙම channel දා අන්තර්ගත කොට තිබෙනවා.
එහි වූ channel list අතරින් පරිශීලකයන්ගේ රුචිකත්වය මත අදාළ channels තෝරා ගත හැකි වෙනවා.


