රජ පවුලට අහිමි වුණු වසර 175 ක් පැරණි සම්ප්‍රදාය

බ්‍රිතාන්‍ය රාජකීය පවුලට අයත් Balmoral Castle අසල පිහිටි වතුයායේ වසර 175 ක් තිස්සේ පමණ ඔවුන් සිදු කරමින් ආ සම්ප්‍රදායකට තිත තැබීමට රාජකීයයන්ට සිදු වී තිබෙනවා.

එනම් එම මාලිගය ආසන්නයේ වූ ස්කොට්ලන්තයේ Aberdeenshire හි Abergeldie වතුයායේ විනෝදාංශයක් ලෙස වෙඩි තැබීම, මුවන් ලුහුබැඳීම සහ මසුන් ඇල්ලීම මින් ඉදිරියට සිදු කළ නොහැකි වනවා.

වික්ටෝරියා රැජින සහ ඇල්බට් කුමරු මෙම ඉඩම මිල දී ගෙන ඇති අතර එය පසුගිය 2020 වසරේ දී විකුණා තිබෙනවා.

ඒ අනුව එම වතුයායේ නව හිමිකරු විසින් අදාළ වතුයාය රාජකීයන්ට බදු දීම අවසන් කර තිබීම හේතුවෙන් චාල්ස් රජුට සහ ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයින්ට මෙම දේපළ නිදහසේ භාවිතා කිරීම සඳහා දැන් අවසර හිමි නොවන බවයි වාර්තා වෙන්නේ.

Abergeldie හි නව හිමිකරු වන Alastair Store එම වතුයායේ ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් කිරීම සඳහා අවශ්‍ය වූ ලේඛන මේ වන විට සකසමින් ඇති අතර මුදල් ගෙවා ක්‍රීඩා කටයුතු වල නියැලීම යනාදියට මෙය ඉදිරියේ දී යොදා ගනු ඇති බවයි සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මේ හරහා වතුයායේ දඩයම් කිරීමට බාධාවක් නොවන අතර මුදල් ගෙවා ඇතුළු වීමෙන් පසුව අවශ්‍ය නම් දඩයම් කළ හැකි වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.