මෙවර ICC පිරිමි ලෝක කුසලාන තරඟයේ ජයග්‍රාහක කණ්ඩායමට ලබා දෙන කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා ගෙනවිත් තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මහජන ප්‍රදර්ශනය හෙට එනම් 14 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ වනු ඇත.
හෙට පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද, පස්වරු 3 සිට පස්වරු 8 දක්වා One Galle Face Mall හි දී ද මහජනතාවට කුසලානය නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
එසේම ලබන සැප්තැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ සහභාගිත්වයෙන් කුසලානය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
කුසලානය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 20 plus ක්‍රිකට් ගමනාන්ත කරා ළඟා වීමෙන් පසුව වන අතර ශ්‍රී ලංකාවෙන් පසුව එම කුසලානය 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරක රට වන ඉන්දියාව වෙත රැගෙන යනු ඇත.

