දුම්රිය ඉංජිනේරුවරු සිය වර්ජනය නතර කරති

ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය විසින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය නතර් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අද පස්වරුවේ පැවති සාකච්ඡාවක දී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙනි.

ඒ අනුව මේ මොහොතේ සිට වර්ජනය අවසන් කිරීමත් සමඟ දුම්රිය ධාවනය හෙට දහවල් වනවිට යථා තත්ත්වයට පත් වනු ඇති බවද ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් සඳහන් කරනවා.