ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබෙන බව වාර්තා වෙනවා.
මීට පෙර මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම රැස්වීමෙන් අනතුරව මාධ්‍යයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේ දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ සභාපති ධුරයට සුදුසු නම් ඉදිරියේදී එය ලැබෙනු ඇති බවයි.

