පසමිතුරු සටනින් ජය ඉන්දියාවට

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඉන්දීය ආරම්භ පිතිකරුවන් වන නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 121ක සබඳතාවක් ගොඩනැගුවේය.

පෙරේදා දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග අතිරේක දිනය වූ ඊයේ පස්වරු 3 දක්වා තරගය කල්දමනු ලැබුණු අතර එහි දී ද තරඟය ආරම්භ වූයේ පස්වරු 4.40 ට ය.

පසුව තරඟය ආරම්භ කරමින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත්විය.