දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ යෝජනාවක්

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

දිනෙන් දින ආරම්භ කෙරෙන දුම්රිය වැඩ වර්ජන නිසා රට තුළ ඇති වී තිබෙන ගැටලුකාර්‍රී තත්ත්වය සහ ඒ හරහා මහජනතාවට සිදු වන පීඩාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.