ලබන වසරේ සිට තවත් බදු දෙකක්

ලබන වසරේ සිට ධන බද්ද සහ උරුම බද්ද ලෙස තවත් නව බදු දෙකක් රජය විසින් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වෙනවා.

දැනට පවතින බදු හරහා අපේක්ෂිත ආදායම් ඉලක්ක කරා ළඟා වීමට අපොහොසත් වී ඇති බැවින් වැඩි බදු ආදායමක් ලබා ගැනීම සඳහා මෙම නව බදු දෙක හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.

එසේම මෙම යෝජිත බදු දෙක සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම මුදල් අමාත්‍යාංශයට මේ වන විට පැවරී ඇති බව මාර්ග හා විධි පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වනවා.

2023 වසරේ මධ්‍ය මූල්‍ය වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි සිට ජුනි දක්වා අයවැය හිඟය රුපියල් බිලියන 1.24 ක් වන අතර රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආයතන තුනෙහි බදු ආදායම් ඇස්තමේන්තුගත බදු ආදායම් ඉලක්කවලට වඩා පහළ මට්ටමක පවතිනවා.