ලෝක කුසලානය සඳහා යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට යොමුකර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

දසුන් ශානක ගේ නායකත්වය යටතේ එමලැයිස්තුවට පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා , කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මධුශංක යන ක්‍රීඩකයන් ඇතුලත් වෙනවා.