පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය නඟා සිටුවීමට නව වැඩපිළිවෙළක්

පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය නඟා සිටුවීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ආරම්භ කරන එම වැඩපිළිවෙළ යටතේ ගුරුවරුන්ට ළමයින්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ද ලබා දීමට අපේක්ෂා කරන බවයි සදහන් වෙන්නේ.

එසේම මෙමගින් යම් යම් මානසික ගැටලුවලින් පීඩා විඳින ළමුන් හඳුනා ගෙන ඔවුන් ප්‍රතිකාර හා උපදේශනය සඳහා යොමු කරවීමට ද පියවර ගන්නා බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙන්නේ.