නිල සංචිත වත්කම් වල අඩු වීමක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩු වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

මෙරට නිල සංචිත වත්කම් පසුගිය ජුලි මාසයේ දී ඩොලර් මිලියන 3,765 සිට අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩු වී ඇත.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද මීට ඇතුලත් වන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.