ඊයේ දිනයේ දිස්තික් පහකට නිකුත් කරන ලද නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් හෙට දිනයේ දීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගත වූ පැය 24 තුළ මිලිමීටර් 114.3ක් වූ වැඩිම වර්ෂාපතනය කෑගල්ල, මොරලිය ඔය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

