උතුරු කොරියාව සිය ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කරයි

උතුරු කොරියාව විසින් සිය ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ එක්සත් ජනපදයට සහ ආසියානු රටවලට එරෙහිව සටන් කිරීම සඳහා න්‍යෂ්ටික සන්නද්ධ නාවික හමුදාවක් සංවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස යි.

එම සබ්මැරීනය අංක 841 දරන Hero Kim Kun Ok ලෙස නම් කර තිබෙන බවයි නිල කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ.

මෙම සබ්මැරීනය දිය යට සිට න්‍යෂ්ටික අවි දියත් කිරීමට නිපදවා ඇති අතර උතුරු කොරියාවේ නාවික හමුදාව සඳහා මෙය නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරන බවයි එය වැඩිදුරටත් සඳහන් කරන්නේ.