නොදන්වා විදෙස්ගත වන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග

පෙර දැනුම් දීමකින් තොරව විදෙස්ගත වන වෛද්‍යවරුන් සම්බන්ධව ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ මෙලෙස නොදන්වා සේවය අත් හරින වෛද්‍යවරුන් සහ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයන් හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුධයකට ලක් වී ඇති බවයි.

කිසිදු රටක, රාජ්‍ය සේවකයෙකුට නිසි අවසරයකින් තොරව ඒ රටින් පිටව යෑමට අවසර නොමැති නමුත් ශ්‍රී ලංකාව තුළ ඒ තත්ත්වය වෙනස් වී ඇති බව දක්නට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.