2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව ලබන 16 වන දින දක්වා විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් නැවත සමීක්ෂණ සඳහා අපේක්ෂකයින්ට අයදුම් කළ හැක.
එසේම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත ගියවර විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් මේ මස 11 වන දින සිට 16 වන දින දක්වා 2023 විභාගය සඳහා අයදුම් කිරීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා.

