මිනිස් ජාවාරම් සම්බන්ධෙන් ඍජුවම සිංහල භාෂාවෙන් පැමිණිලි කිරීමට ඕමාන රාජකීය පොලිසිය විසින් නව ක්ෂණික ඇමතුම් අංකයක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 96 88 00 77 444 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ගාස්තු රහිතව මෙන්ම www.nccht.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ .
එසේම මේ හරහා ඉංග්රීසි, අරාබි ඇතුළු තවත් භාෂා 12 කින් පැමිණිලි භාර ගැනීම සිදු කරනු ලබනවා.

