උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇති බව වාර්තා වෙනවා.

www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස අයදුම්කරුවන්ගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය හරහා ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 278,196 දෙනෙක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 53,513 දෙනෙක් ද පෙනී සිටියා.

විභාගය 2023 වසරේ ජනවාරි 23 වන දා සිර පෙබරවාරි 17 වන දා දක්වා පැවැත්විණි.