ශ්රී ලංකා පොලීසියේ 157 වන පොලිස් සංවත්සරය අදට යෙදී තිබෙනවා.
1659 වසරේ දී කොළඹ මහා නගර සභාව රාත්රියේ ආරක්ෂා කිරීමට පත් කරන ලද වැටුප් සහිත මුරකරුවන් පත් කිරීමේ යෝජනාව හරහා ශ්රී ලංකාවේ පොලිස් සංකල්පය ආරම්භ වූ බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව ශ්රී ලංකාවේ මුල්ම පොලිස් ස්ථාන ලන්දේසින් විසින් පිහිටුවන ලද අතර මුල්ම පොලිස් ස්ථාන තුන කොළඹ කොටුවට උතුරු පිවිසුමේත්, කොටුව සහ පිටකොටුව සම්බන්ධ කරන මාර්ගයේ ත් සහ පිටකොටුවේ කයිමන් ගේට්ටුවේ ද පිහිට වීමට කටයුතු කර තිබෙනවා.
පසුව 1796 වසරේ දී ඉංග්රීසින් විසින් බලය අල්ලා ගැනීමෙන් පසුව ෆ්රෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයා විසින් පොලීසිය අධීක්ෂණය කිරීමේ කාර්යාලයක් පිහිටුවා එහි කටයුතු පොලිස් විනිසුරුවරයන් වෙත පවරා තිබෙනවා.
ජනතාවගේ ආරක්ෂාව, සුවපහසුව මෙන්ම අපරාධ වැළක්වීම, ඒ සම්බන්ධ කරුණු අනාවරණය කිරීම සහ නිතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිසියට අදාළ කටයුතු ලෙස එවකට දක්වා තිබෙනවා.
පසුව 1806 වසරේ දී කොළඹ නගරය කොට්ඨාස 15 කට බෙදා ඒවා අධීක්ෂණයට පොලිස් කොස්තාපල්වරු පත් කර තිබෙනවා.
එවකට බොම්බේ පොලිසියේ සේවය කරමින් සිටි G.W.R. කැම්බල් මහතා 1866 වසරේ සැප්තැම්බර් 03 වන දින මෙරට ප්රධාන පොලිස් අධිකාරිවරයා ලෙස වැඩ භාර ගත අතර එය වර්තමන් පොලිස් සේවයේ ආරම්භය ලෙස සැලකිය හැක.
මේ වන විට 90,000 කට අධික පොලිස් ස්ථාන ශ්රී ලංකාව පුරාම ඇති කර තිබෙනවා.
අදට යෙදෙන පොලිස් සැමරුමට සමගාමිව පොලිස් මූලස්ථානය මෙන්ම දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා කාර්යාල මුල්කරගෙන සර්ව ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම විවිධ සමාජ සත්කාර සේවාවන්වල යෙදෙමින් මහජන සබඳතා තවදුරටත් තහවුරු කිරීම අරමුණු කරගෙන විවිධ ක්රියාකාරකම් ද පැවැත්වෙනු ලබනවා.

