හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිත ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයේ දී සැලකිය යුතු ප්‍රමාණයකින් ගැසී මිලේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරනවා.
ඒ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ සීග්‍ර ඉහළ යාම සැලකිල්ලට ගනිමිනුයි.
පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් අගෝස්තු 04 වෙනිදා සිදු කිරීමට නියමිතව තිබූ මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගනු ලැබුවා.
ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,982 ක් ද, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,198 ක් ද හා කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561 ක් ද වනවා.

