දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය වෙනුවෙන් නැවතත් QR

ජාතික ඉන්ධන අවසර පත් QR ක්‍රමවේදය ඉදිරියේ දී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ලෙස පසුගිය වසරේ මෙම QR ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවා.

පෙරේදා දින වන විට මෙම ජාතික ඉන්ධන අවසර පත් පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය වී තිබූ අතර එම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් ඉක්මවා සිදුකර තිබෙන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ.