2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා.
ඔහු සඳහන් කරන්නේ මෙවර විභාග ප්‍රතිඵල ඉතාම කෙටි කාලයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවයි.
එසේම මේ වසරේ උසස් පෙළ විභාගය දැනට නියම කර ඇති දිනටම පවත්වන බවත්, එය කල් දැමීමෙන් නැවත සාමාන්‍ය පෙළ සහ වාර සටහන් සැලසුම කල් යන බවත් ඔහු සඳහන් කරනවා.
අධ්‍යාපනයේ විවිධ ප්‍රතිසංස්කරණ ඇතුළත් සංකල්ප පතිකාවේ සවිස්තරාත්මක කැබිනට් පත්‍රය ලබන සතිය වන විට ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ඊයේ බණ්ඩාරවෙල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

