Fish Oil එහෙම නැත්නම් මෝර තෙල් පෙති, මෝර ගුලි කියන දේ සාමාන්‍යයෙන් ගොඩක් අය කොයි කාලෙක දී හරි භාවිතා කරලා තියෙන දෙයක්. ඉතින් අද අපි කතා කරන්නේ යන්නේ මොනවද මේ Fish Oil කියන්නේ සහ එකෙන් අපේ ශරීරයට වෙන යහපත් වගේම අහිතකර ප්‍රතිඵල මොනවද කියලා. එහෙනම් අනිවාර්යයෙන් ම අවසානය වෙනකම් කියවන්න, ඔයාට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි මේ සම්බන්ධයෙන්.
මේ Fish Oil කියලා කියන්නේ Omega 3 Fatty acids එහෙමත් නැත්නම් Omega 3 මේද අම්ල ස්වභාවිකව අන්තර්ගත supplement එකක්. මේ Omega 3 Fatty acids වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන දේවල් 3 ක් තියෙනවා – DHA (Docosahexaenoic acid), ALA (Alpha-linolenic acid) සහ EPA (Eicosapentaenoic acid).
මේ අතරින් DHA කියන සංයෝගය අපේ මොළයේ වර්ධනයට සහ එහි ක්‍රියාකාරිත්වයට බෙහෙවින් අවශ්‍ය සංයෝගයක් වෙනවා. ඒ වගේම ඉගෙනුම් හැකියා වර්ධනය කරන්නත් මේ DHA වලට පුළුවන් කියලා විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.
එතකොට ALA සංයෝගයට රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න, හදවතේ නියමාකාර කම්පන රිද්මය පවත්වා ගැනීම මෙන්ම රුධිරය කැටි ගැසීම වැලැක්වීම සඳහා ත් හැකියාවක් තියෙනවා.
ඒ වගේම EPA සංයෝගයට හැකියාව තියෙනවා හදවත් රෝග වලට මෙන්ම රුධිරයේ ඇති මේද තත්ත්ව අවම කරමින් අධි රුධිර පීඩනය පාලනය කිරීමට. ඒ වගේම මේ සංයෝග තුනම ප්‍රදාහ ඒ කියන්නේ Inflammation වලට විරුද්ධව ක්‍රියාකාරී වෙනවා.
මේ සංයෝග වලට අමතරව fish oil වල Vitamin A සහ Vitamin D ත් බහුලව අන්තර්ගත වෙනවා.
ඉතින් සමස්තයක් වශයෙන් ගත්තම මේ පහලින් සඳහන් කරලා තියෙන ප්‍රයෝජන අපිට Fish oil එකක් භාවිතා කරලා ලබා ගන්න පුළුවන්.
- හෘද ආඝාත/ හෘදයාබාධ තත්ත්ව ඇති වීමේ සම්භාවිතා අවම කරයි
- යහපත් හෘද සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට
- වයස්ගත වීමත් සමඟ ඇති වන dementia තත්ත්ව ඇති වීම අවම කිරීමට
- මතක ශක්තිය වර්ධනයට
- ප්‍රතිශක්තිය වර්ධනයට
- ආතරයිටිස් වැනි තත්ත්ව නිසා ඇති වන සන්ධි ප්‍රදාහ පාලනයට
- ඇස් වල පෙනීම වර්ධනයට
- නිරෝගී සමක් පවත්වා ගැනීමට
- හිසකෙස් වර්ධන වේගය වැඩි කර ගැනීමට
- කුරුලෑ, සම රැලි වැටීම් ආදියට
- Depression සහ ADHD තත්ත්ව වලට එරෙහිව
මේ වගේ වාසි ප්‍රයෝජන ගොඩක් ලැබුණත් fish oil එකක් use කරනකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා.
අපිට කොච්චර වාසි මේ හරහා ලැබුණත් සමහර අයට මේ fish oil use කරන එක මාරාන්තික වෙන්නත් පුළුවන්. විශේෂයෙන් ඔයාට මාළු වලට නැත්නම් මුහුදු ආශ්රිත ආහාර වලට allergy තත්ත්වයක් තියෙනව නම් ඔයා අනිවාර්යයෙන් fish oil එකක් භාවිතා කිරීමෙන් වැළකිලා ඉන්න ඕනි.
ඒ වගේම ඔයා රුධිර කැටි ගැසීම සඳහා යම් ඖෂධ භාවිතා කරනවා නම් fish oil එකක් use කරන්න කලින් ඔයා ඔයාගේ වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරන එක අත්‍යවශ්‍ය වෙනවා. මේ හැරුණු කොට දියවැඩියාව, අධි රුධිර පීඩනය සඳහා දෙන සමහර ඖෂධ සමඟ ත් මේ fish oil, අන්තර්ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා.
ඔයා බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනකේ නම්, එහෙම නැත්නම් බබෙක් ලැබෙන්න හරි බබෙක් ට කිරි දෙන අම්මා කෙනෙක් නම් හරි ඔයාත් ඔන්න අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත පමණක් මේ fish oil ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා.
ඔයා දැන් මේ වෙනකොටත් වෙන මොනවා හරි multivitamin එකක් අර ගන්නවා නම් එකේ තියෙන vitamin වර්ග එක්ක fish oil එකේ අඩංගු දේවල් conflict වෙන්නේ නැති විදිහට ඔයා ඒ දෙක ලබා ගන්න එකත් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් වෙනවා. මොකද එහෙම නැත්නම් ඔයාට ඒ අන්තර්ගත මිශ්‍ර වෙලා දරුණු ආසාත්මිකතාවයක් උනත් ඇති වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ඔයා බාහිරව supplement එකක් විදිහට vitamin A සහ D ලබා ගන්න ගමන් මේ fish oil supplement ත් භාවිතා කලොත් එහෙම ඔයාගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒ vitamin ලැබීම නිසා ත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මොකද මන් කලින් කිව්වා වගේ මේ fish oil වලත් බහුල වශයෙන් vitamin A සහ D අන්තර්ගත වෙලා තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නම් පුද්ගලයෙන් සාමාන්‍යයෙන් දිනකට ගත යුතු Omega 3 Fatty Acids ප්‍රමාණය 200 mg ඉඳන් 500 mg විතර වෙන්ව. කොහොම වුනත් මේ ප්‍රමාණය වයස, ස්ත්‍රී පුරුෂ බව අනුව වෙනස් වෙන්න පුළුවන්.
ඔයා සැමන්, තලපත්, සාලයා, මෝර මාළු විශේෂ එහෙමත් නැත්නම් ආමන්ඩ්, කජු, walnut වගේ nuts වර්ග, බෙරි වර්ග (ස්ට්‍රෝබෙරි, රාස්බේරී, බ්ලූ බෙරි ආදිය), වට්ටක්කා, chia seeds, කොළ එළවලු, බෝංචි ඇට වගේ එළවලු ත් දිනපතා ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්නවා නම් ඒ හරහා ත් ඔයාගේ දෛනික Omega 3 අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ දේවල් හොඳින් ආහාරයට ගන්න කෙනෙක් නම් ඔයාට මේ fish oil එකක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැතිම තරම්.
ඔයාට මේ වගේ ආහර වැඩිය ආහාරයට එක් වෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ වෛද්‍යවරයා එක්ක කතා කරලා ඔයාට සුදුසු fish oil dose එක තීරණය කර ගන්න.
ඉතින් මන් හිතනවා අද ඔයාල මේ Fish oil ගැන යම් මට්ටමක දැනුවත් වීමක් ලබා ගත්තා කියලා. එහෙනම් අපි ආයෙමත් මේ වගේ දැනුම පිරුණු ලිපියකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න.
දිගටම NewsBuwa එක්ක එකතු වෙලා ඉන්න!

