උතුරු පොල් ත්‍රිකෝණය අරඹයි

අදට යෙදී තිබෙන ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද පෙරවරුවේ සිදු කෙරෙනු ලැබුනා.

මන්නාරම, යාපනය හා මුලතිව් යා කරමින් මෙම නව පොල් ත්‍රිකෝණය ඇති කර තිබෙනවා.

2022 වසරේ දී පොල් නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 817ක් උපයා තිබෙන අතර එය මෙරට සමස්ත අපනයන ආදායමෙන් 6.25% කි.

දැනට පොල් වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය අක්කර දසලක්ෂ අනූපන් දහස් නවසිය අසූ දෙකකි.

පොල් අපනයන ආදායම පසුගිය දශකයක කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර, පොල්මද නිෂ්පාදන, පොල්කටු, පොල් කොසු සහ අනෙකුත් නිමි නිෂ්පාදන ද අපනයන කිරීමෙන් ඉහළ ආදායමක් ලබා ගෙන තිබෙනවා.