මින් පෙර Twitter ලෙස හඳුන්වන ලද X සමාජ මාධ්‍ය ජාලය සිය නව රහස්‍යතා ප්‍රතිපත්තිය (Privacy Policy) යටතේ පරිශීලකයන්ගේ මුහුණේ ඡායාරුපයක් වැනි පෞද්ගලික දත්ත රැස් කරනු ඇති බවට වාර්තා වෙනවා.
මෙම නව ප්‍රතිපත්තියේ X විසින් පරිශීලකයන්ගේ අධ්‍යාපන, වෘත්තීය දත්ත මෙන්ම රැකියා මනාපයන් ද එක් රැස් රැස් කළ හැකි බව ද සඳහන් කර තිබෙනවා. පරිශීලකයන්ට සුදුසු රැකියා ආදිය නිර්දේශ කිරීම සහ පරිශීලකයන් රැකියාවක් සඳහා අයදුම් කරන විට ඒ තොරතුරු සේවායෝජකයන් හා බෙදා ගැනීම එහි අරමුණ ලෙස ඔවුන් දක්වා තිබෙනවා.
එසේම මේ තොරතුරු හරහා පරිශීලකයන්ට වඩාත් අදාළ වන වෙළඳ දැන්වීම් ඔවුන් ගේ X ගිණුමේ පෙන්වීම ද සිදු කෙරෙන බවයි ඔහුන් සඳහන් කරන්නේ.
X premium භාවිතා කරන පුද්ගලයන් සඳහා සිය ගිණුම් සත්යපනයට සෙල්ෆි ඡායරූප හෝ රජයේ හැඳුනුම්පත භාවිතා කළ හැකි අතර ඒ හරහා පරිශීලකයන්ගේ මුහුණේ හැඩරුව සහ ඇඟිලි සලකුණු ආදිය තමන් රැස් කරනා බව X ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ මේ හරහා ව්‍යාජ ගිණුම් සැකසීම අවම කළ හැකි වන බවයි.
මෙම නව රහස්‍යතා ප්‍රතිපත්තිය සැප්තැම්බර් 29 සිට බලාත්මක කිරීමට නියමිත යි.

