සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ නිෂ්පාදනය කටයුතු ලබන 18 වන දා සිට ඔක්තෝම්බර් 08 දක්වා වන කාල සීමාවේ දී තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ එම ඒකකයේ උත්ප්‍රේරක වල සක්‍රියතාවය නැවත පිහිටුවා නිෂ්පාදනය කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ය.
එම වසා දැමෙන කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග සහ ඇනවුම් දැනටමත් සම්පූර්ණ කර ඇති බවයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පැවසුයේ.

