ත්‍රීරෝද රථ ගාස්තුව වෙනස් නොකිරීමේ තීරණයක්

ඊයේ සිට ක්‍රියාත්මක වුණු ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමිව ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු ඉහළ යාමක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ත්‍රීවිල් ගාස්තුව ද ඉහළ දමා තව දුරටත් පීඩනයක් එල්ල කළ නොහැකි බවයි එහි සභාපති කියා සිටියේ.