ඇමරිකාව සහ දකුණු කොරියාව විසින් සිදු කරනු ලබන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ උතුරු කොරියානු මිසයිල Pyongyang අවට ස්ථානයක සිට දියත් කර ඇති බවත් ඒවා දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළට පතිත වීමට ඔඑර කිලෝමීටර 360 ක දුරක් ගමන් කර බවත් ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජපාන අගමැති කියා සිටියේ උතුරු කොරියාවේ මෙම හැසිරීම ජපානයේ පමණක් නොව එම කලාපයේ සහ ලෝකයේ ද සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන බැවින් එය ඉවසා සිටිය නොහැකි බවයි.

