2017 වසරේ ස්ථාපිත කළ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිවලින් වැඩි සංඛ්‍යාවක් මේ වන විට අක්‍රීය වී ඇති බව දුම්රිය මාර්ග හා සංඥා උප දෙපාර්තමේන්තුව පවසනවා.
දරුණු රිය අනතුරු සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් එම පද්ධතීන් වල ඇති බැටරි වලට හානි වීම සහ ඒවා අක්‍රිය වීම මීට හේතු වී ඇති බවයි ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා සඳහන් කළේ.
හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 200 ක් පමණ පවතින අතර මින් පෙර බිඳවැටුණු පද්ධති ගණන 94 ක් ලෙස වාර්තා වී තිබුණත් ඒවායේ කරන ලද අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දැනට ඇත්තේ 47ක් පමණක් වන බවයි ඔහු අනාවරණය කළේ

