සිංගප්පූරුව සමඟ ඇති කර ගත ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාළ විෂය භාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම සාකච්ඡා වල වල දී එකඟ වුනු කරුණු පිලිබඳ කටයුතු ජනාධිපති කාර්යාලය යටතේ පවත්වා ගෙන යෑමට තීරණය කර තිබෙනවා.
උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඉදි කිරීමට නියමිත සුළං සහ සූර්යය බල ශක්ති නිෂ්පාදන නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් සිංගප්පූරුවට යැවීම සම්බන්ධෙයන් ද ජනාධිපතිවරයා විසින් සිංගප්පූරු සංචාරයේ දී සාකච්ඡා කර ඇති බවට වාර්තා වෙනවා.
එසේම සුළං සහ සූර්යය විදුලිය නිෂ්පාදනය කර දෙරට අතර හුවමාරු කර ගන්නා ආකාරය ගැන ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ද නියමිත බවයි වාර්තා වෙන්නේ.
එසේම මේ වන විට සාකච්ඡා කර ඇති යෝජිත සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම සහ ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධ ව්‍යාපෘති මුදල් අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය වෙත පැවරීමට නියමිත ය.

