නව ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ අගෝස්තුවට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී හා අ.පො.ස. උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට යෝජනා වී තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පවත්වා එම වසරේ දී ම ප්‍රතිඵල නිකුත් කර ඊළඟ වසර මුල සිට උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කටයුතු සකස් කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

එසේම උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පවත්වා සිසුන්ට ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීම ද එක් අරමුණක් වෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 7 ක් දක්වා අඩු කර, ක්ෂේත්‍ර තුනක් යටතේ ඉදිරි ඉගෙනුම් විෂයන් ලෙස නව විෂය කිහිපයක් ද හඳුන්වා දීමට නියමිත ය.

මෙම ප්‍රතිසංස්කරණ ඇතුලත් නව යෝජනාවලිය අගමැති ලේකම් අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මඟින් සකස් කරමින් තිබෙන අතර කඩිනමින් එය ප්‍රසිද්ධ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.