පිට වී නොයාම ගැන නයිජර් හි තානාපතිට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රශංසා

පසුගිය සිකුරාදා නයිජර් හි බලය අත්පත් කර ගෙන සිට හමුදාව විසින් එරට ප්‍රංශ තානාපතිවරයා ට රටින් පිටවීමට පැය 48 ක කාලසීමාවක් ලබා දී තිබියදීත් තවදුරටත් නයිජර් හි රැඳී සිටි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තහවුරු කර තිබෙනවා.

එසේම ඔහු සඳහන් කර තිබෙන්නේ එසේ තවදුරටත් නයිජර් රාජ්‍යයේ රැඳී සිටීම ගැන තමන් සිය නයිජර් තානාපතිවරයාට ප්‍රශංසා කරන බවයි.

ප්‍රංශයේ උපකාරයකින් තොරව නයිජර් රාජ්‍ය සඳහා තමන්ගේ දේශ සීමා ආරක්ෂා කර ගැනීමට නොහැකි වනු ඇති බවයි ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

පසුගිය ජුලි 26 වන දින නයිජර් හි පාලන බලය හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වේගයෙන් පිරිහීමකට ලක් වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.